Search This Blog

Saturday, August 2, 2014

ලැප්ටොප් පරිගණකයට වැටුණහොත් ගතයුතු ආරක්ෂිත ක්‍රියා මාර්ග මොනවාද?

ඉලෙක්ට්‍රෝනක උපාංගයකට හෝ වෙනත් දියරයක් හෝ වැටුණහොත් එහි අභ්‍යනතර පරිපථ මාර්ග හරහා විදුලිය කාන්දු වීම නිසා චිප්සෙට් දැවී යන්නටත් පසු කාලීනව සන්නායක මාර්ග සහ උපාන්ග මලකඩ කන්නටත් පුළුවන.

ඒ නිසා ද්‍රවයක් පරිගණකයක් හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනක උපාංගයක් මත හෝ ඉසුරැනු විට හැකි ඉක්මණින්ම පහත දක්වා ඇති ක්‍රියා මාර්ග ගත යුතුය.

  • උපාන්ගය ප්‍රදාන විදුලි සැපයුමෙන් විසන්ධිකල කරන්න.
  • බැටරි හෝ වෙනත් සැපයුමක් ඇත්නම් එයද විසන්ධිකල කරන්න.
  • ඉසිරැණු  ද්‍රවය පිටතට ගලා එන සේ උපාන්ගය හරවා තබන්න.
  • ඉන්පසු උපාන්ගයේ පහසුවෙන් ගැලවිය හැකි කවර විවෘත කර සාමාන්‍ය පරිසරයේදී වියලීමට තබන්න.


ඉසුරැණු ද්‍රාවණයේ ඝණ කොටස් ඇත්නම් පිරිසිදු ජලයෙන් හෝ වියලි සුළං (Compressed Air) භාවිතයෙන් ඉවත්කරන්න.මෙසේ ජලය භාවිතා කළහොත් නැවත හොඳන් වියලීමට තබන්න.කෙසේ වෙතත් උපාංගවල ඇතුළත පිරිසිදු කළ හැකිය යන විශ්වාසය තමාට නැත්නම් පලපුරැදු කාර්මික ශිල්පියෙකුගේ සහය ලබා ගැනීම උචිතය.

No comments:

Post a Comment