Search This Blog

Tuesday, August 5, 2014

කල්යන විට වෙබ් බ්‍රව්සර් මන්දගාමී වීම වලක්වා ගන්නේ කෙසේද?

ගූගල් ක්‍රෝමි වෙබ් බ්‍රව්සරය හා ස්කයිප් වැඩසටහන අලුතින් ඉන්ස්ටෝල් කළ විට ඒවා හොඳ වේගයකින් ක්‍රියාත්මක වෙයි.එහෙත් කාලයක් භාවිතා කරන විට ඒවා බොහෝ සෙයින් මන්දගාමී වෙයි. මෙය වලක්වා ගන්නේ කෙසේද ?
වෙබ් බ්‍රව්සර් භාවිතා කරන විට විවිධ ප්ලග් ඉන් (plug ins) වැනි දේ ඉන්ස්ටෝල් වීමත්,වෙබ් අඩවි භාවිතා කරන ආකාරය ගැන තොරතුරැ හෙවත් හීස්ට්‍රි තබා ගැනීමත් කෙරේ. මේවා විටින් විට ඉවත් කළද නැවත කලින් තිබූ වේගය නොලැබෙන්නේ ඒවායේ ඩේටාබේස් වලින් ඇතැම් විස්තර ඉවත් වෙන්නේ නැති නිසාය.මෙවනි වැඩසටහනන් මන්දගාමී වූ විට ඒවා යථා තත්වයට පත්කර ගන්නට වි‍ශේෂයෙන් සැකසූ මෘදුකාංග තිබේ.
නොමිලේ ලබාගත හැකි මෙවනි හොඳ වැඩසටහනක් වන්නේ Speedyfox යන වැඩසටනයි.
මෙතනින් Download කරගන්නකෝ
මෙය  Download කළ පසු ගූගල් ක්‍රෝමි මෙන්ම ස්කයිප් වැඩසටහනද වසා දමා speedyfox.exe අයිකන් එක මත ඩබ්ල් ක්ලික් කළ යුතුය.එවිට  speedyfox වින්ඩෝ එක විවෘත වෙයි.දැන් එහි Available Profiles යටතේ ඇති චෙක් බොක්ස් තුනම සිලෙක්ට් කර,Optimize නම් බටින් එක ක්ලික් කළ යුතුය.

No comments:

Post a Comment